දෝනි වෙනුවට රයියදු කැඳවයි


ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ ඉන්දීය නායකයා, මහේන්ද්‍ර සිං දෝනි වෙනුවට අම්බටි රයියදු ඉන්දීය කණ්ඩායමට එක්වනු ඇත. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර අද (2 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයට සහභාගි වීමේ අවස්ථාව රයියදුට නොලැබෙනු ඇත.

අද තරගයේදී දෝනිගේ ස්ථානයට මුරලි විජේ කී‍්‍රඩා කරනු ඇතැයි බටහිර ඉන්දීය දූපත් දෙසින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

දකුණත් පිතිකරුවකු වන අම්බටි රයියදු තවමත් ඉන්දීය හිස්වැස්ම පැළඳ නැති අතර ඔහු නිමාවූ අයි. පී. එල්. තරගාවලියේ තරග 19 කදී ලකුණු 265 ක් ලබාගත්තේය.