දරුවන්ගේ පාසල් ප්රශ්නය මත අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසමි මහතා හමුවීමට රජයේ වෛද්‍ය සංගමය බත්තරමුල්ල ඉසුරුපායට ගියත් වැඩේ හරි ගියේ නැත.ඇමති හමු නොවු නිසා වෛද්‍යවරුන්ට එහි ශ්රවණාගාරයෙහි රැය ගත කිරීමට ඕනැ විය.සවස් වන විට අමාත්‍යංශ සේවකයෝ නිවෙස් බලා යන්නට වුහ.එහි ආරක්ෂකයින්ට උපදෙස් ලැබුනේ කැමතිනම් වෛද්‍යවරුන්ට පිටව යා හැකි බවය.එහෙත් අලුතින් කිසිවෙකුටත් එහි පැමිණීමට ඉඩ නොලැබෙන බව දැන්විණි.හතරවටින් කළුවර වැටෙද්දි දොස්තරලා සිටි ශ්රවණාගාරයට විදුලිය නැති විය.කෑම බීමද ලැබෙන මගක් නොවීය.වතුර බොතලයක්වත් පිටතින් ගෙන ඒමට ක්‍රමයක් නොවිය.දොස්තරලා නිකම් සිටියේ නැත.ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක විය.වෛද්‍යවරියක සිහි නැතිව ඇද වැටුණු බව දොස්තරලා කීහ.කොළඹ ජාතික රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා ගැනිමට ඔවුහු ක්‍රියා කළහ.හූ දෙකක දුරින් පිහිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගියා ගෙනයාමට අවශ්‍ය බව පෙනුණි.ඉසුරුපායේ ආරක්ෂකයෝ ගිලන් රථයට ඇතුළු වීමට ඉඩ දුන්හ.රිය ඇතුළටම ගියේය.වෛද්‍යවරු දහ දොළොස් දෙනෙක් කෑමද වතුර බෝතල්ද රැගෙන මහ රැ අමාත්‍යංශ භුමියට ඇතුලු විය.රැය ගතකිරිමට වෛද්‍ය සංගමය ගත් තීරණයේ ලොකු අඩුව ඒ අයුරින් සපිරිණි.පසුදා උසාවි නියෝගයෙන් ඔවුන් ඉවත්කරන තුරු එහි රැදී සිටියේය.වෛද්‍ය සංගමය හා ස්‍යෙඛ්‍ය ඇමති අතර සංහිදියා පරතරය එයින් වැඩි වුණාලු
දොස්තරලා මහ රෑ කළුවරේ
Recommended Articles