දොස්තරට නඩු?
නොසැලකිල්ලෙන් තම බිරියගේ සැත්කම කිරීමෙන් ඇය මිය ගිය බව කියමින් ඇගේ සැමියා කොළඹ පෞද්ගලික රෝහලකට එරෙහිව කළ පැමිණිල්ල ගැන නීතිපති උපදෙස් ගැනීමට අවශ්‍ය බව පොලිසිය පැවසූයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නඩුව ලබන 6 වැනිදාට කල් තැබීය.
දෙවරක්ම සැත්කම් කිරීමට රුපියල් ලක්‍ෂ 16 ක් වැය වූ බවත් බිරියට අසාධ්‍ය වූ විට ඇය රජයේ රෝහලකට යැවූ බවත් කියන පැමිණිලිකරු තම රැකියාව ද අහිමි වූ බවද සඳහන් කළේය.

