තඹිබෝව ග්‍රාමීය රෝහල පසු ගිය 27 වැනිදා සිට වසා දැමීම නිසා ගම් 15 ක ජනයාට බෙහෙත් ගැනීමට තැනක් නැතී වී තිබේ. වෛද්‍යවරයා සිය මංගල උත්සවය සදහා නිවාඩු ගොස් නැවත පැමිණෙද්දී යම් කිසිවකු ඔහුගේ නිළ මිනිස් මළ ප්‍රහාරයක් හා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර නිළ නිවසේ දොරවල් කඩා දැමීම නිසා වෛද්‍යවරයා සිය බඩු මුට්ටුද රැගෙන රෝහලින් පිටත්ව ගිය බව ගැමියෝ කියති. මෙතෙක් කිසිදු වෛද්‍යවරයකු රෝහලට එවා නැත. මේ පිළිබඳව වයඹ පළාත් සෞඛ්‍යෙස්වා අධ්‍යක්ෂ ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා කියා සිටියේ මෙම රෝහලේ ප්‍රශ්නය පිළිබඳව පරීක්ෂණයක් සිදුවන බවයි.