දොස්තරගෙන් සමාව ගන්නැයි තොණ්ඩමන්ට කියති


ඇමැති ආරුමුගන් තොණ්ඩමන්  සඳුදාට (16) පෙර කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් අබේගුණරත්න මහතාගෙන් සමාව නොගතහොත් නුවරඑළිය දිසාවේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය කියයි.

එම වෛද්‍යවරයාට ඇමැති ප්‍රසිද්ධියේ චෝදනා නඟා ඔහු මාරු කිරීමේ උත්සාහයක් අරඹමින් වතු කම්කරුවන් ලවා පසු ගිය සෙනසුරාදා උද්ඝෝෂණයක්ද කැරවීය.

වෛද්‍යවරයා වතු කම්කරු සෞඛ්‍යය ගැන සැලකිල්ලක් නොදක්වතියි තොණ්ඩමන් මහතා චෝදනා කරයි.

තොණ්ඩමන් ඇමැතිගේ ක්‍රියාකලාපය හෙළා දකින බව වෛද්‍යවරුන්ගේ සංගමය  කියයි.