දොස්තර සීවලී රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි


සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ බාල සහෝදර දොස්තර සීවලී රත්වත්තේ (91) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. 

දොස්තර රත්වත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශක සංගමයේ ආරම්භක සභාපති විය. උපාලි පුවත්පත් ආයතනයේ සභාපතිවරයෙක්ද විය. හිටපු අගමැතිනි බණ්ඩාරනායක මහත්මියගේ පෞද්ගලික ලේකම්වූ ඔහු 1923 නොවැම්බර් 24 උපත ලබා ඇත. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රත්වත්තේ කොළඹ 1943 දී වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු විය. ලිවර් බ්‍රදර් සමාගමේ වෛද්‍යවරයකු වූ ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ දොස්තර රත්වත්තේ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂවරයකු විය.

එහි සභාපති වූයේ ඔහුගේ බෑණා වූ උපාලි විජයවර්ධන මහතාය. උපාලි විජයවර්ධන මහතා ඔහුගේ දියණිය ලක්මිණී රත්වත්තේ හා විවාහ විය.

සිරිමා බණ්ඩාරනායක පවුලේ සහෝදර සහෝදරියන් අතර අවසන් සාමාජිකයා වූයේ දොස්තර රත්වත්තේය.