යාපනය ශික්ෂණ රෝහලේ අද පැවති වෛද්‍ය වරුන්ගේ රැස්වීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා කතා කරමින් සිටිය දී වෛද්‍යවරුන් ඊට එරෙහි වූ බව යාපනයේ ආරංචි මාර්ග කියයි.
අමාත්‍යංශය විවේචනය කරමින් ඔහු කළ කතාවට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක් විවිධ ප්‍රකාශ කළ බවත්, ඇතැමුන් හූකියූ බවත් එම ආරංචි සඳහන් කරයි.
ඉන් පසු එම රෝහල් අධ්‍යක්ෂගේ මැදිහත්වීම මත රැස්වීම අවසන් කළ බව කියති.
මේ ගැන කළ විමසීමක දී වෛද්‍ය සොයිසා මහතා කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව හැසිරුණු බවයි.ආවේගශීලීව කතාබහක් ඇති වුවත් පහරදීමක් සිදු නොවූ බව ද, අධ්‍යක්ෂ වරයාගේ මැදිහත්වීමෙන් ඔවුන් ඉවත් කළ බව ද සොයිසා මහතා කීවේය.