අද රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළුව වෘත්තීය සමිති කිහිපයක් අයවැයට එරෙහිව වැඩ වැරීම නිසා රටපුරා රෝහල් රැසක ලෙඩ්ඩු දැඩි අසීරුවට පත්වූහ.
නොමිලේ ලැබෙන බෙහෙත් ටිකවත් නැතැයි බොහෝ දෙනෙක් වර්ජකයන්ට දොස් පවරමින් හැරී ගියහ.
වෛද්‍යවරුන්ගේ සංගමය පැවසූයේ වාහන බලපත්‍ර ඇතුළු තම අයිතිවාසිකම් රැසක් අහිමි කිරීමට එරෙහිව ඔවුන් තැබූ පළමු පියවර මෙය බවයි.
රජය පවසනුයේ වාහන ගැනීම සඳහා වෛද්‍යවරු ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ගෙවන බවයි.
ළමා රෝහල් හා මාතෘ රෝහල්හි මෙම වර්ජනය නොපවතින බව වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.
මේ අතර පාදුක්ක රෝහලේ බාහිර අංශයේ වෛද්‍යවරියක පමණක් ලෙඩුන්ට ප්‍රතිකාර කරන බව රෝහල් ආරංචි කියයි.
දිනකට දහස් ගණනක් රෝගීන් පැමිණෙන කොළඹ ජාතික රෝහලේද බාහිර රෝගී අංශය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවූ අතර සායන රෝගී අංශයේද ප්‍රතිකාර සිදු නොවූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
(දඹුල්ල)
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස
(බදුල්ල)
ඡායාරූප - පාලිත ආරියවංශ
(පාදුක්ක)
ඡායාරූප - බුද්ධික කුමාරසිරි
(හොරණ)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
(අම්පාර)
ජායාරූප - වසන්ත චන්ද්‍රපාල
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





















