දොස්තර මැරීයැයි දොස්තරට නඩු


බටහිර ඕස්ට්‍රේලියාවේ මැද බටහිර ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක සිය සැමියා මරා දැමීයැයි නඩුවකට මුහුණ දෙයි.

චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේ (34) තම සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරල මරා දැමීයැයි චෝදනා ලබා සිටී.

දිනේන්ද්‍ර ජෙරල්ටන් සෞඛ්‍ය පීඨයේ වෛද්‍යවරයෙකි.

තමා නිවැරදිකාරිය බව ලියනගේ කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය අතුකෝරල 2014 ජුනි 24 වැනි දා ඔහුගේ නිවසේ මැරී සිටිය දී සොයා ගත් බව පොලිසිය කියයි.

බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවට තමා නිවැරදිකාරිය බව ලියනගේ වීඩියෝ සබඳතාවයක් මගින් ග්‍රීනෝ බන්ධනාගාරයේ සිට ඊයේ (27) කියා සිටියාය. මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් මානසික සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයන් කැඳවන බව විත්තියේ නීතීඥවරු කියා සිටියහ.

ලබන නොවැම්බර නව වැනි දා ජෙරල්ටන්හි දී නඩු විභාගය ඇරැඹීමට නියමිතය.

ලියනගේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින්නීය.