බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රී 12න් පසු මත්පැන් අලෙවි කළ බව කියන අනුරාධපුර හෝටලයක් සම්බන්ධයෙන් ඉදිරිපියවර ගන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්ට දැන්වූ බවත්, එවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් නියම කළ හැකි බවත් නුරාධපුර සහකාර සුරාබදු කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතා පැවසීය.
කැබිතිගොල්ලෑවේ වෛද්‍යවරයකු කළ පැමිණිල්ලක් අනුව එම හෝටලය වැටලූ බවත්, රාත්‍රී දොළහෙන් පසුව මත්පැන් අලෙවි කළ නොහැකි බව බලපත්‍රයේ සඳහන් වුවත් ඉන් පසුවත් මත්පැන් අලෙවි කරන බව තහවුරු වූ බවත් රෝයි ප්‍රනාන්දු මහතා කීවේය.
මිතුරකු සමග හෝටලයට ගොස් බීර බෝතලයක්, දුම්වැටි පැකට්ටුවක් සහ මත්පැන් ග්‍රෑම් 200ක් මිලදී ගත් තමනට රුපියල් 45000කට ආසන්න බිලක් දුන් බවත්, එම බිලෙහි දක්වා ඇති දෑ තමන් මිලදී නොගත් බව කීවත් බිල නොගෙවා හෝටලයෙන් පිටතට ඒමට නොහැකි වූ බවත්, එම නිසා තමා සහ මිතුරා සතු මුදල් එකතු කර බිල ගෙවූ බවත් වෛද්‍ය වරයා කියා ඇත.
හෝටලයෙන් තමන්ට මත්පැන් අලෙවි කළේ අලුයම එකට පමණ බවත් වෛද්‍යවරයා කියා තිබේ.
තනිව හෝ දෙදෙනකු රාත්‍රී සමාජ ශාලාවලට හෝ ඇතැම් හෝටල්වලට ගොස් මත්පැන් පානය කරද්දී, අඩ නිරුවත් කතුන් පැමිණ එම මේසයේම අසුන් ගන්නා බවත්, ඔවුන් අධික මිල ගණන් ඇති මත්පැන් බෝතල ගෙන්වාගෙන ඒවා බොන මුවාවෙන් බිමට හලන බවත්, ඉන් අනතුරුව ඔවුන් එම මේසයෙන් නැගිට යන බවත්, අවසානයේ එම මේසයේ සිටිනා පුද්ගලයාට කතුන්ගේ බිලත් සමග විශාල මුදලක් ගෙවීමට සිදු වන බවත් කියති.
එය ඇතැම් සමාජශාලාවල හා හෝටලවල කරන උපක්‍රමයක් බවත්, එවැනි තැන්වලට යන්නන් ඒ ගැන සැලකිලිමත් විය යුතු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

