කුරුණෑගල රෝහලේ සේවිකාවක පැහැරගෙන ගොස් නිවසක රඳවා පහර දුන්නැයි දොස්තර බිරියක හා තවත් කතක කුරුණෑගල මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේම චන්ද්‍ර මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබුහ.
කුරුණෑගල වැව රවුමේ ඩී එම් නන්දනී විතාන හා එම් එම් තරංගා ශිරෝමී පෙරේරා ට රුපියල් 5000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂය බැගින් ඇප නියම විය.
ප්‍රේම සම්බන්ධයක් මත ඇය සේවිකාව පැහැරගෙන ත්‍රිරෝද රියකින් රැගෙන ගොස් කුරුණෑගල වැව රවුමේ නිවසකදී පහරදී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

