හරියට මීට වසරකට ඉහතදී අපේ කන්තෝරුවට ආවා පුංචි දොස්තර නෝනා කෙනෙක්.
”මම රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍යවරියක් විදියට සේවය කරනවා. ලංකාවේ හදවත් රෝගී දරුවෝ ඔක්කොම එකතු වෙන තැන එතන. ඒ දරුවෝ ජීවත් වෙන්න දරන සටන මම සියැසින් දැක්කා. ඒ අතර සමහර දරුවන්ගේ රෝග තත්ත්වයන්ට අදාළ පහසුකම් නැතිව අපේ දෑස් ඉදිරියේම පුංචි පැටවුන්ගේ දෑස් පියවුණා. ඒ මගේ වේදනාබර මතකයක් විතරයි. දැන් ඒ දරුවන්ගේ සුබසෙත සඳහා පහසුකම් සලසන්න හදවත් රෝගී දරුවන් වෙනුවෙන් ව්‍යාපෘතියක් ආර්ම්භ කරලා තියෙනවා. ඒ දරුවන්ට ජීවය දෙන්න ලොකු මුදලක් වැය වෙනවා. වෛද්‍යවරියක් විදිහට සහ හදවත් රෝගී දරුවන්ට ළංවෙලා හිටපු කෙනෙක් විදියට මටත් හිතුණා ඒ පැටවුන්ගේ ජීවිතවලට ජීවය දෙන්න මමත් මොනවා හෝ දෙයක් කළ යුතුයි කියලා.”
ඇය මේ වචන ටික එදා අපට ඇවිත් කිව්වෙ හරියටම මීට වසරකට ඉහතදී. ලංකාවේ භරත නාට්‍යම් නර්ථන විශාරද උපාධියක් ලබාගත් ලංකාවේ එකම වෛද්‍යවරිය විදියට ඇගේ නර්ථන හැකියාවන් පෙන්නලා මීට වසරකට ඉහතදී ඇය ප‍්‍රසංගයක් පැවැත්වූයේ හදවත් රෝගී පුංචි දරුවො වෙනුවෙන්. ඒ ”ඩාන්සින් රෝසස්” විදිහට.
වසරකට පසු නැවතත් ඩාන්සින් රෝසස් පිපෙන්න දින ළංවෙලා. ඇඟිලි ගනිනවා.
දුව පැන ඇවිදින වයසේ පුංචි හිත්වලට ඉතිරි වෙලා තියෙන්නේ ජීවත් වෙන්න හීනයක් විතරයි. ගත වෙන හැම තත්ත්පරයක්ම මේ පැටවු ජීවත් වෙන්න සටන් කරනවා. වෛද්‍යවරුන් දිවා රෑ නොබලා වෙහෙසුනත් හදවත් රෝගී දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපේ රටතුළ අදටත් ඌනතාවයක් තියෙනවා. අපිට මේ පුංචි දරුවන්ට හුස්ම දෙන්න බැහැ. ඒත් තත්පරයක් හරි ජීවත් වෙන්න ලබාදෙන ප‍්‍රතිකාරවලට රුපියලකින් හෝ දායක වෙන්න පුළුන්නම් මැලවිලා තියෙන දරුවන්ගේ මුහුණුවලට හිනාවෙන දවස වැඩි ඈතක නැහැ.
ඇය වෛද්‍යවරියක්, නර්ථන විශාරදවරියක් විදිහට දෙවැනි වරටත් හදවත් රෝගී දරුවන් වෙනුවෙන් ඒක පුද්ගල නර්ථන ප‍්‍රසංගයක් පවත්වන්න මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර හමාරයි. ඇය නම් නර්ථන විශාරද වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි. තාල නාද රටා එකතු කරලා මේ පුංචි දරුවන් වෙනුවෙන් කරන්න යන දැවැන්ත කාර්යය නිසාම අපි ඇය වෙනුවෙන් පුංචි ඉඩක් වෙන්කළා.
‘ඩාන්සින් රෝසස්’ දෙවැනි වරටත් පිපෙන්න සියල්ල සූදානම් ද?
වෘත්තීය කටයුතුත් එක්ක කාලය කළමනාකරණය කරගෙන මේ දවස්වල නර්ථන සෙව්වන්දියට ගොඩාක් මහන්සි වෙනවා. කටයුතු සියල්ල සූදානම් වෙමින් පවතිනවා. මේ පාර ප‍්‍රසංග නම් කරලා තියෙන්නේ ”ඉසිවර අරණක නුපුර නිම්නද” කියලා.
නර්ථන සෙව්වන්දිය දිග හැරෙන්නේ දිගු නිහැඬියාවකට පස්සේ නේද?
ඇත්තටම ඔව්. ‘නර්ථන සෙව්වන්දිය’ නමින් මගේ නර්ථන ප‍්‍රසංගයක් මුලින්ම ආරම්භ කළේ පසුගිය වසරේ ජනවාරි මාසේ. ඒක දියත් කෙරුණේ මම රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග ඒකකයේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන අවදියේදී. සීමාවාසික වෛද්‍යවරියක් වෙලා ඉන්න අවදියේදී මට අරංගේත‍්‍රම් නර්ථන උපාධිය ලබාගන්න හැකි වුණා. ඒ අතරම හෘද රෝග ඒකකයේ විශේෂ අවශ්‍යතා සහ මන්ද මානසික දරුවන් වෙනුවෙන් මම නර්ථන විකිත්සාව යොදාගෙන චලන සංවර්ධන වැඩපිළිවෙළක් කරගෙන ගියා. ඒ යුගයේදී සංවේදී සටහන් මගේ හිතේ ඉතා දරුණු ලෙස ඇඳුණා. මම මේ දරුවන්ට ජීවිතය දෙන්න වෛද්‍යවරියක් විදියට ලත් දැනුමෙන් උපරිමයෙන් කැපවුණා. එත් ඒ දරුන්ට අවශ්‍ය පහසුකම් නැතුව ප‍්‍රතිකාර කරත් එය ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඒ අවස්ථාවේදී මට හිතුනා මේ දරුවො වෙනුවෙන් මට කුමක් හෝ දෙයක් කළ යුතුයි කියලා.
තනිව ප‍්‍රසංගයක් පවත්වන්න හිතට ශක්තියක් ආවේ හරියටම මීට වසරකට ඉහතදී. හිතේ අධිෂ්ඨානය ඇතුව බාධක කම්කටොලූ මැද්දේ ගොඩක් දෙනාගේ උපකාරය ඇතුව මම පළමු ප‍්‍රසංගය ඉතා සාර්ථකව සමාජ සත්කාරයක් විදිහට එදා නර්ථන ප‍්‍රසංගය ආරම්භ කළා.
ළමා හදවත් රෝගී අරමුදල කියන්නේ මහා ගඟක් වගේ සුවිසල් ව්‍යාපෘතියක්. මේ සුවිසල් ගඟට පුංචි දිය දෝතක් එකතු කරන්න පටන් ගත්ත පුංචි නර්ථන ප‍්‍රසංගය දෙවැනි වතාවටත් කළඑළි බහින්න දැන් සියල්ල සූදානම්.
නර්ථන සෙව්වන්දිය පිපෙන්නේ කවද ද? කොහෙදි ද? ආරාධනා කරන්න ඔබට අවස්ථාව.
පෙබරවාරි 18 වන සෙනසුරාදා සවස 5.30 කොළඹ නව නගර ශාලාවට එන්න. පුංචි ටිකට් පතක් ලබාගෙන ප‍්‍රසංගය නරඹලා කුඩා රෝගී දරුවන්ට ජීවිතයක් දෙන්න ඔබත් දායක වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මේ ප‍්‍රසංගය පැවැත්වෙන්නේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධක්‍ෂිකා අනුෂා ගෝකුල මහත්මියගේ අනුග‍්‍රාහකත්වයෙන්.
මෙවර ප‍්‍රසංගයේ විශේෂත්වයක් තියෙනව ද?
ශාස්ත‍්‍රීය භාරත සහ නව නිර්මාණ නර්ථන වින්‍යාස දෙකම එකතු කරලා තමයි ප‍්‍රසංගය කරන්න බලාපොරොත්තු වෙන්නේ.
නදීශා අතුකෝරළ


