දොස්තර දරුවාට අමුතු ප්‍රතිකාරයක් දෙන්න ගිහින්


බුලත්කොහුපිටිය පැත්තේ රජයේ වෛද්‍යවරයකු 6 හැවිරිදි දරුවකුට කළැයි කියන අතවරයක් සම්බන්ධයෙන් රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කළ බව පොලිසිය කියයි.

ප්‍රතිකාර ගැනීම සඳහා එම දරුවා වෛද්‍යවරයාගේ නිවසට රැගෙන ගිය අවස්ථාවේ සරමක් හා කමිසයක් ඇඳ සිටි වෛද්‍යවරයා ඔහු ඇතුළට ගෙන ඔහුගේ ජනනේන්ද්‍රිය පිරික්සා ඇතැයිද එහෙත් ළමයාට ජනනේන්ද්‍රියේ ආබාධයක් නොවූ බවද කියති.

දොස්තර මහතා තම දරුවා ලවා කළැයි කියන අශෝබන ක්‍රියාවක් ගැනද පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දරුවාගේ කටඋත්තරයක් ලියාගෙන ඇතැයිද වාර්තාවේ.