දොස්තර ජයලත් ජයවර්ධන කළුරිය කරයි


එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත විය. වෘත්තීය වෛද්‍යවරයකු වූ ඔහු ව්‍යාපාරික පවුලකට අයත්වේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පෞද්ගලික වෛද්‍යවරයා ද වූවේය. ඔහු වෛද්‍ය විද්‍යාව ජනප්‍රිය කරලීම සඳහා ජනමාධ්‍ය මගින් විවිධ වැඩසටහන් ඉදිරිප්ත් කළේය.