දොස්තර ගෙදරත් ඩෙංගු කීටයෝ


ඩෙංගු මදුරුවන් සිටීදැයි මිරිහානේ නිවාස හත්සිය පණහක්  අද (16) සෝදිසි කළ පොලිස් පරිසර ඒකකය නිවාස තිස්පහකින් මදුරු කීටයින් සිටින ස්ථාන සොයා ගත්තේය.

 වෛද්‍යවරුන් ,නීතිඥවරුන් ,ගුරුවරුන් හා ව්‍යාපාරිකයින් ඒ අතර සිටින බවත් ඔවුනට  නඩු පවරන බවත් පොලීසිය කියයි.ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.