දොස්තර ඕනෑ නැති තැනත් අතපත ගාලා
වම් අතේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර නොමනා ලෙස තමා පිරික්සමින් ඕනෑ නැති තැන් අතපත ගාමින් තම විලිබිය සිඳී යැයි කොළඹ තානාපති කාර්යාල සේවිකාවකගේ පැමිණිල්ල නීතිපතිට යවා උපදෙස් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොල්ලුපිටිය පොලිසියට නියෝග කෙළේය. වෛද්‍යවරයා අත්අඩංගුවට ගත යුතුදැයි උපදෙස් ගැනීමට පැමිණිල්ලේ වාර්තා නීතිපතිට යැවෙයි.

