දොයි දොයි දොයි දොයිය බබා


දික්වැල්ල දන්දෙනිය ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ උත්සවයකට සහභාගී වූ යෞවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුමට මහතාට තවත් රාජකාරියක් පැවරිණි.

උත්සවයේ ස්තුති කතාව පැවරුණේ සායනයට පැමිණි දිලානි වීරකෝන් මහත්මියටයි.

දෙමාසයේ අතදරුවා සමග ස්තුති කතාව කිරීම ඇයට ප්‍රශ්නයක් විය.

ඇමති අලහප්පෙරුම ඊට විසඳුම දුන්නේය.

ඇය ස්තුති කතාව කර අවසන් කරන තුරු ඇගේ දරුවා උකුලට ගෙන නැළවීය.