දොම්පේ ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය ප්‍රකාශය පළමු වරට ඡන්ද හයකින් අද පරාජය විය.
සභාපති මිලාන් ජයතිලක මහතා ඉදිරිපත් කළ අය වැයට පක්ෂව ඔහු ද ඇතුළුව සන්ධාන මන්ත්‍රීවරු අට දෙනෙක් ඡන්දය දුන්හ.
එජාප මන්ත්‍රීන් අට දෙනකු හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයකු සමග සන්ධාන මන්ත්‍රීවරු පස්දෙනෙක් අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.