දොනිගේ පිතිහරඹය චෙන්නායි පිලට ජයගෙනේ


අයි. පී. එල්. තරගාවලියේ 42 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ පූනේ වොරියර්ස් පිල අතර අද (30 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 37 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 16 කින් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි.

සුබ්‍්‍රමනියම් බද්රිනාත් (34) සමග ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සුරේෂ් රයිනා (නොදැවී 63), මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 45) සමගින්ද ලකුණු 61 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් තම පිලේ ලකුණු ප‍්‍රමාණය 164 දක්වා ඔසවා තැබීය.

රොබින් උක්තාපා, ලූක් රයිට් සහ අභිශේක් නායර් යන කී‍්‍රඩකයන් තිදෙනාම දුවද්දී දවාගැනීම් වලට හසුකරගැනීමට චෙන්නායි පන්දු රකින්නෝ සමත්වූහ.

පූනේහිදී පැවැත්වෙන මෙම තරගයටද පූනේ වොරියර්ස් පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී නොවීය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 164
(රිදිමන් සහා 13, සුරේෂ් රයිනා නොදැවී 63, සුබ්‍්‍රමනියම් බද්රිනාත් නොදැවී 34, මහේන්ද්‍ර සිං දෝනි 45)

පූනේ වොරියර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 127
(රොබින් උක්තාපා 10, ඒරන් ෆින්ච් 13, ස්ටීවන් ස්මිත් 35, කේන් රිචඞ්සන් 26, බුවනේෂ්වර් කුමාර් 24, මෝහිත් ශර්මා 21/3)

(*)