පාකිස්තානයෙන් කන්ටේනර මගින් දොඩම් ගෙන්වා පාකිස්තාන ව්‍යාපාරිකයකුට ඇමෙරිකා ඩොලර් 41354ක් (රුපියල් 5417374 ) වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ වාර්තාවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඉදිරිපත් කළේය.
ප්‍රසන්න කුමාර නම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට කන්ටේනර හතරකින් දොඩම් පෙට්ටි 1364ක් එවූ බවත්, ඔහු රුපියල් පනස් තුන් ලක්ෂයකට එවූ චෙක්පත අගරු වී යැයි ලාහෝරයේ අහමඩ් ෂාෂාඩ් රහස් පොලිසියට කියා ඇත.

