දොඩංගොඩ සභාපති සමග කැබ් රථය කාණුවේ


(යොහාන් භාසුර)

දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැදවූවේ යැයි කියන ප්‍රාදේශීය සභා නිල කැබ් දොඩම්ගොඩ දි අනතුරකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුර සිදුවන වන අවස්ථාවේදී සභාපතිවරයා කැබ් රථය පදවා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අනතුරින් කැබ් රථයට සුළු හානි වී ඇති බවත් සභාපතිවරයාට හානියක් සිදුවී නොමැති බවත් ප්‍රාදේශිය සභාවේ නිලධාරියෙක් සඳහන් කළේය.