දේශීය සහ ආනයනික සම්බා, නාඩු සහ කැකුලු සහල් සඳහා වෙන වෙනම උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය අද මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
දේශීය සම්බා කිලෝවක් සඳහා රුපියල් 90ක ද, නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 80ක ද, කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 78 ක ද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට නියමිතය.
ආනයනික සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 80 ද, නාඩු කිලෝවක් සඳහා රුපියල් 72 ක් ද, ආනයනික කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 70 ක් ද උපරිම මිලක් නියම කෙරෙනු ඇත.

