දේශීය යාන්ත්‍රණයට තවත් වසර දෙකක් ඉල්ලයි


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් තවත් වසර දෙකක කාලයක් ඉල්ලා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවසීය.

පසුගිය රජය සමයේ ශ්‍රී  ලංකාවට බලෙන් පටවා තිබූ ජාත්‍යන්තර පරීක්ෂණයෙන් රට බේරාගෙන දේශීය යාන්ත්‍රණයක් සඳහා ජාත්‍යන්තරයේ සහය ලබාගැනීමට හැකිවීම වත්මන් රජය ලැබූ විශාලතම ජයග්‍රහණය බව කී අමාත්‍යවරයා මෙරට ව්‍යවස්ථාව අනුව විදේශ විනිසුරන් මෙරටට ගෙන්වීමේ හැකියාවක් නැති බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.