ශ‍්‍රී ලංකාව ලොවට ගෙන යාමේ මෙහෙවරෙහි නියැලී සිටින ජාතික ගුවන් සේවය වන ශ‍්‍රී ලංකන් ගුවන්සේවය ලබන සඳුදා සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් පථයෙන් සිය මංගල ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.
පළමුව රියාද් නගරය වෙත සතියකට ගුවන් ගමන් 02 ක්ද, බැංකොක් හරහා බීජිං නගරයට ගුවන් ගමන් 02ක්ද, ෂැංහයි නගරයට එක් ගුවන් ගමනක්ද ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති අතර මිහින් ලංකා ගුවන් ගමන් 02 ක් බුද්ධගයාවට යාමට සැලසුම් කර ඇත.
ශ‍්‍රී ලංකන් කේටරින් මගින් මත්තල ගුවන් තොටුපොළේ පියාසැරි මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙමින් මාර්ගස්ථ ආපන ශාලාවල ව්‍යාපාරික පන්තියේ විවේකාගාරය සහ පොදු ආපනශාලාව වෙත ආහාරපාන සපයනු ලබයි.
හම්බන්තොටට තදාසන්න පෙදෙස්වලින් අනුයුක්ත කරගනු ලැබූ 52 ක් වූ කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ආපන ශාලාව මගින් සෑම ආහාරපාන සැපයීමක් සඳහාම දේශීය නිෂ්පාදන උපරිම වශයෙන් භාවිතා කරන බව එම ගුවන්සේවය පවසයි.
.
වෙනත් ගුවන්සේවාවල ඒ 300,320,340 ගුවන් යානා සහ බෝයිං 737 ගුවන්යානා සඳහා මත්තල ගුවන්තොටුපොළේදී සියළු නඩත්තු අවශ්‍යතා ශ‍්‍රී ලංකන් ගුවන්සේවයේ ඉංජිනේරු අංශය මගින් සිදු කරයි.