දේශීය ආදායම් නිලධාරීහු හෙට ලෙඩ නිවාඩු


(රන්ජන් කස්තුරි)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙට (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවය නොපැමිණසිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රටපුරා දිස්ත්‍රික් කාර්යාල දහසයේම නිලධාරීන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසීය.