ජයන්ත සමරකෝන්
පුරප්පාඩු වී ඇති දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් 7 දෙනෙකු අතර තරගයක් පවතින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම තනතුර දැරූ අයිවන් දසනායක මහතා සැප්තැම්බර් 13 වැනි දා සිට සේවයෙන් විශ්‍රාම ගෙන ඇත.
ඒ වෙනුවට වැඩබැලීමට නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පත්කර දැනට දින 21 ක් ඉක්මවා ගොස් තිබේ.

