දේශීය ටින් මාළුවලට එස්.එල්.එස්. සහතිකය ඕනෑ


(යොහාන් භාසුර)
දේශීයව නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය හෙවත් එස්.එල්.එස්. සහතිකය අනිවාර්ය බවත් දේශීය ටින් මාළු නිෂ්පාදනය කිරිමට  අවසර ඇත්තේ සමාගම් 14 කට අයත් වෙළදනාම 37 කට පමණක් බවත්   ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් එස්.එල්.එස්. සහතිකය ලැබූ සමාගම්වලට පමණක් ටින් මාළු නිෂ්පාදනය කළ හැකි බවත් එම සියලුම ආයතන ප්‍රමිති සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය කියන්නීය.

එස්.එල්.එස්. සහතිකය ප්‍රදර්ශනය නොකර වින් මාළු අළෙවි කරන සමාගම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කළ හැකි බව කියන සිද්ධිකා සේනාරත්න මහත්මිය එස්.එල්.එස්. සහතිකය සහිත ආයතන ටින් මාළු නිෂ්පාදනයේදී එය නියමිත ප්‍රමිත පරාමිතීන්ට අනුකූලව කිරීම අනිවාර්ය බව ද සඳහන් කරන්නීය. 

දේශීය වෙළදපොලේ පවතින ආනයනික ටින් මාළුවල ද  නිෂ්පාදිත රට සදහන් කළ යුතු බවත් එම ටින් මාළු ගුණාත්මක භාවය පිළිබද කරන විද්‍යාගාර පරීක්ෂණයකින් පසු රේගු නිෂ්කාෂණ ක්‍රියාවලියකට ලක්කිරීමට අනුමැතිය ලැබෙන බවත් ඇය වැඩි දුරටත් පවසන්නීය.