
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දේශපාලකයන්ගෙන් වැරදි තීන්දු ක්‍රියාත්මක කරන්නට යන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට දේශබන්දුට අත්වූ ඉරණම හොඳ පාඩමක් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ගැන අපට කිසිම ගැටලුවක් නැහැ දේශබන්දු පොලිස්පති කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කළ විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම කබීර් හශීම් විරුද්ධව ඡන්දය දුන්නා.
එහිදී නීති විරෝධීව මෙය සම්මත කරගෙන දේශබන්දු පොලිස්පති කළ පසුවත් අප අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගත්තා. එදා තමුන්නාන්සේලාගේ මන්ත්‍රීවරු තුන්දෙනෙක් විපක්ෂ හිටියා.ඒ අය උසාවි ගියාදැයි රහුමාන් මහතා ප්‍රශ්න කළේය.

