දේශබන්දුගේ ඇප අයැදුම විසි වේ


(මනෝප්‍රිය ගුණසේකර)

2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනයේදී තමන් අත්අඩංගුවට ගැනීමේ අවධානමක් ඇතැයි කියමින් එය වලකාලන්නැයි ඉල්ලමින් සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද ප්‍රතික්ෂේප කළාය.

සිද්ධියේ සැකකරුවකු ලෙස නමි කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්‍ෂිත ඇපයක් මත මුදා හරිනු ලැබුවහොත් අධිකරණ මග නොඟහරින බවට හෝ විමර්ශන කටයුතුවලට බාධා නොකර සිටින බවට හෝ ඉදිරිපත් වු කරුණු අධිකරණය සෑහීමට පත්කිරීමට අපොහොසත් වු බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරිය අදාළ අපේක්‍ෂිත ඇප අයැදුම ප්‍රතික්‍ෂෙප කළාය.

2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධිය වන අවස්ථාව වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ අතර සිද්ධියට අදාළව කළ විමර්ශන වලින් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස උපදෙස් දෙමින් නීතිපතිවරයා විසින් ලිපියක් නිකුත් කරන ලදී.