
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
දේශබන්දු තෙන්නකෝන් මහතා බලය පැහැදිලිවම අවභාවිතා කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ත්‍රිපුද්ගල කමිටුව කතානායකවරයාට දැනුම්දී අැතැයිද හෙතෙම සඳහන් කළේය

