දේශබන්දු ඉවත් කිරීම: පොට්ටුව ඡන්දෙ නොදෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේක අධිකරණයේ පවතින නඩුවක්.අධිකරණ ඇමතිවරයාත් මේ නඩුව ගැන පූර්ණ විග්‍රහයක් කරනවා.ස්ථාවර නියෝග යටතේ අධිකරණයේ පවතින නඩුවක් ගැන පාර්ලිමේන්තුවේ විවාද කරන්න ක්‍රමවේදයක් තියෙනවා.දැන් ඒ සියල්ල කඩාකප්පල් කරලා.මා මේ කතා කරන්නේ පුද්ගලයෙක් ගෙන නෙමෙයි. ඒ පුද්ගලයා ගැන මේ හැමෝටම තක්සේරුවක් තියෙනවා. 

හැබැයි මේ සිදුවීම කේන්ද්‍ර කරගෙන විවාද කිරීමෙන් අධිකරණ පද්ධතියට යම් බලපෑමක් වෙනවා නම් එය සාධාරණ නැහැ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.