මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (26) හුණුපිටියේ ගංගාරාමයට ගොස් විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමියන්ද කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරයේදී විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නා හිමියන්ද, නාරාහේන්පිට අභයාරාමයේදී විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ද බැහැ දුටුවේය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් එහි සාංඝික දානමය පිංකමක්ද විය. එහිදී හිටපු ජනපති හා ඔහුගේ ඇමැති මණ්ඩලයේ සේවය කර මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඉවත්වූ දොස්තර රාජිත සේනාරත්න (සෞඛ්‍ය ඇමැති) ද එහිදී හමුවීම කැපී පෙනිණි.




