දේශපානඥයින්ගේ ලැයිස්තුවලින් පළමු ශ්‍රේණියටමින් ඉදිරියට දරුවන් ඇතුළු නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා හිමිවිය යුතු බව කියන අමාත්‍යවරයා එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක කරවීම තම අරමුණ බවද පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව මින් ඉදිරියට පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලැයිස්තු, වෙනත් දේශපාලනඥයින්ගේ ලැයිස්තු හෝ කාල්ටන් වැනි පෙර පාසල්වලින් එන ලැයිස්තුවලින් පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

