දේශපාලන මැරයොත් මැණික් බිමට පනිති


කතරගම තම්මැන්නාගම නිල් මැණික් ඇතැයි ප‍්‍රචාරයවීමත් සමග ගැමියෝ දේශපාලන මැර ප‍්‍රහාරවලට ද ලක්වූහ. ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි කියා ගන්නා පිරිස් නිරායුධ ගම්වැසියන්ට පහරදී ඇති අවස්ථා රැසක් ඇතැයි ගැමියෝ කීහ. මැණික් ඉල්ලම් නිසා අක්කර පන්දාහක වාරිමාර්ගවලට පමණක් නොව, මහා මාර්ගවලට ද දැඩි හානි සිදවිය දේශපාලන මැර බලය යොදා මැණික් ඉල්ලම් ඌවට හා දකුණට ගෙන යතියි ගැමියෝ කියති. ඉල්ලම් සොයන්නට ආ ගිය දහස් ගණන් පිරිස් නිසා ඇතැමුන්ට අනපේක්ෂිත ආදායම් මාර්ග ද මතු වී තිබේ. මැණික් ගැරුම් වට්ටියක මිල රුපියල් 800කි. තැඹිල ගෙඩිය රුපියල් 50කි. වතුර බෝතලය රුපියල් 100කි. පුංචි රොටියක් රුපියල් 40කි. බුලත් විටක් රුපියල් 30කි. ගෑණු පිරිමි දිගට හරහට ගරති ඇළ දොළ ඉවරයි  ඉල්ලම් වට්ටි