අලුත් වැව ග්‍රාමීය රෝහල් බිමේ මායිම් ගල් ගලවා තමන්ටද තර්ජනය කරන ලදැයි එහි කාර්යභාර වෛද්‍ය නිලධරයා ගලේවෙල පොලීසියට පැමිණිලි කර ඇත.
ප්‍රාදේශිය දේශපාලනඥයකුගේ ඥාතියකු බව කියන අයකු එහි නිවසක් ඉදිකිරීමේ යෙදී ඇතැයි ද පැමිණිල්ලේ සදහන් වෙයි. රෝහල් බිමේ අක්කර හයක් දැන්අක්කර දෙකයි පර්චස් හතරක් දක්වා අඩුවී ඇතැයි නැවත මැණුමකදී සොයා ගෙන ඇත.