දේශපාලන බලය පෙන්වා පතල් කපලා


පරිසර ඇමැති හා ජාතික මැණික හා ස්වර්ණාභරණ අධිකාරිය අවසරය දුන්නැයි කියමින් බලපත් රහිතව බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපු බලවතකු  ආම්පන්න ද සමග අත්අඩංගුවට ගත් බව අධිකාරියේ  වැටලීම් අංශය කියයි.

රත්නපුර දිස්ත්‍රික් බැකෝ රථ හිමියන්ගේ සංගමයේ සභාපති  හා හිටපු ඇමැතිවරයකුගේ සහෝදරයකු බව කියමින් ඔහු වැටලීම් කණ්ඩායමට රාජකාරී කිරීමට බාධා කර ඇතැයි ද කියති.

බැකෝවෙන් හැරීම නිසා මහා ජලාශ සෑදී  පරිසරය වැනසී ඇතැයි ද වැටලිම් නිලධරයෝ කියති.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යේෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ  තිලක්  කුලනන්ද මහතාගේ  උදෙස් මත  වැටලීම් සිදු විය.

102-010 102-011 102-012 102-013