දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය


(ඩයනා උදයංගනී)


දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කර තොරතුරු ලබාගැනීමේ ජනාධිපති කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 
ඒ අනුව එම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර එහි දැක්වෙන තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක
, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.


ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.


නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන් ආදීන්ට 2015 ජනවාරි මස 8 වැනි දින සිට 2019 නොවැම්බර් 16 වැනි දින දක්වා කාලසීමාවේදී සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්‍ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබිණි.


එහි වාර්තාව ද මේ වන විට ජනාධිපතිවරයා වෙත බාර දී තිබේ.