දේශපාලන පක්ෂ 20ක නම් අභියෝගයට


ජාතිය හෝ ආගම හෝ ඉස්මතුවන ආකාරයට නම්කර ඇති දේශපාලන පක්ෂ නම් වෙනස් නොකරන්නේ නම් එම පක්ෂ අවලංගු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මාර්තු 15දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

ජාතිය හෝ ආගම හෝ ඉස්මතුවන ආකාරයේ නම් සහිත පක්ෂ 20ක් මෙරට පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචිවී ඇති බව ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා ගොනු කළ පෙත්සමේ දැක්වේ.

මෙම පෙත්සම අද අධිකරණයේ දී කැදවද්දී එහි පළමු වගඋත්තරකරු වන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බැවින් එම නම හා තනතුර වෙනස්කර යළි සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර ජනාධිපති නීතිඥවරයා කරන ලද ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබිණි.