දේශපාලන උවමනා මත යෞවන සමාජ නිලධාරීන් පත් කරලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ස්වාධීන යෞවන සමාජ අද දේශපාලනීකරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෑතකදී තරුණ සේවා සභාව නිකුත් කළ 2/11/25/1 දරන චක්‍ර ලේඛනය මගින් 2025 මැයි 23ට පෙර පිහිටුවා තිබු සියලුම යෞවන සමාජවල වලංගු භාවය අහෝසි කර නව යෞවන සමාජ පිහිටුවීමට කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා කීය.

 සියලුම යෞවන සමාජ දේශපාලනීකරණයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වන බවත් දේශපාලන වුවමනා මත මෙකී යෞවන සමාජවල විධායක නිලධාරීන් පත්කර ඇති බවට චෝදනා එල්ල වන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

මෙය යෞවන සමාජවල ස්වෛරීත්වය කෙරෙහි විශාල බලපෑමක් එල්ල වීමක් බව පැවසූ විපක්ෂ නායකවරයා නව නියෝග මාලාවක් මගින් දේශපාලන හිතවතුන් සදහා වාසි ලබා දීමක් වන බව කීය.

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.