අද සිටින දේශපාලකයින්ගෙන් බහුතරයක් ඇසුරු කිරීමට නුසුදුසු පුද්ගලයින් බවත් හොඳ දේශපාලකයින් සිටින්නේ සියයට දහයක් පමණ සුළු ප්‍රමාණයක් බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.
එතුමිය මේ බව සඳහන් කලේ අද දින ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති ගාල්ල දිස්ත්‍රික් තෛයිපොංගල් උත්සවය අමතමිනි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යංශය හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම උත්සවය දකුණු පළාතේ පාසැල් සිසුන් සඳහා සංවිධානය කැර තිබිණි. එහිදී පාසැල් සිසු දරු දැරියන් විසින් ආගමික හා සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කරණු ලැබූහ. පාසැල් සිසුන් අතර සමගිය හා සංහිඳියාව වර්ධනය කිරීම උත්සවයේ ප්‍රධාන අරමුණ විය.

