පරාද වු ක්‍රීඩකයන්, දිනපු ක්‍රීඩකයන්ට අතට අත දී පිළිගන්නවා. සිප වැළඳ ගන්නවා. එහෙත් දේශපාලකයන් එහෙම නෑ. පැරදුනාම ප්‍රතිවාදියාගේ මුහුණවත් බලන්නේ නෑ ඒක නරක ආදර්ශයක් යැයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවැසීය. කළුතර පස්දුන් රට විද්‍යාපීඨයේ පැවැති රාජ්‍යසේවා ක්‍රීඩා උත්සවයේ ආරාධිතයා ලෙස සහභාගී වූ වෙල්ලම මහතා මෙසේ ද කීවේය. තමුන් වහන්සේලාගේ මෙම ක්‍රියාව දේශපාලකයන්ට හොඳ ආදර්ශයක්.ඡන්දයක් පැරදිලා යන කොට කාගෙවත් මුහුණ බලන්නේ නෑ. සමහර විට ගහත් ගන්නවා. හැබැයි ක්‍රීඩා කරල අත්දැකීම් තියෙන අය එහෙම කරන්නේ නෑ. දේශපාලනයට තෝරා ගන්නා විට උගත්කම වගේම ක්‍රීඩා සහතිකත් බලනවා නම් අද රටේ මැතිවරණයකින් පසු සිදුවන දේවල් සිදුවන්නේ නෑ.