ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බීමතින් සිටි බව කියන ක්‍රීඩකයකු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයක දොරක් අඩි තිස්පන් දහසක් උඩ අහසේදී අරින්නට ගොස් මහත් කලබලයක් ඇති විය.
මෙම ක්‍රීඩකයා රජයේ දේශපලනඥයකුගේ පුත්‍රයෙකි.
ග්‍රෙනේඩා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපොළ බලා බොයින් 777 ගුවන් යානයෙන් පැමිණි ඔහු ශාන්ත ලුසියා ගුවන්තොටුපොළෙන් බැස්සේය.
මගීහු 229 දෙනෙක් යානයේ වූහ. සිදුවන්නේ කුමක්දැයි ඔවුහු ගල් ගැසී බලා සිටියහ.
මෙම ක්‍රිකට් කණ්ඩායම ග්‍රෙනේඩාවෙන් ගුවන් යානයට ගොඩවී ඇත.
එම ක්‍රීඩකයා ගුවන් යානා සේවකයනට පසුව කියා ඇත්තේ වැසිකිළි දොර යැයි සිතා යානයේ දොරක් අරින්නට ගිය බවයි.
ගුවන් යානය ශාන්ත ලුසියා සිට ගැට්වික් ගුවන් තොටට පැමිණීමට පැය අටක් පමණ ගත වේ.
සිද්ධිය වී ඇත්තේ එය ගුවන් ගත වී පැය හයකට පසුවය.
මාතෘ නිවාඩු පිට ගමන් කරමින් සිටි කාන්තාවක පැවසුවේ තමා මේ සිද්ධියෙන් බියට පත් වූ බවයි. තම දියණිය හැඩූ බව ද ඇය කීවාය. ශ්‍රී ලංකා පොලෝ ෂර්ට් හැදගත් කණ්ඩායමක සිටි මිනිසකු දොර අල්ලාගෙන ජරමරයක් කරනු දුටු බවයි.
ඔහු යානය සොර අරින්නට කීප වරක් උත්සාහ කළා. දොර වැරෙන් තල්ලු කළාය.
මිනිත්තු ගණනක් ඔහු එසේ කරමින් සිටියා.
බ්‍රිතාන්‍ය ගුවන් සේවය පවසනුයේ ගුවන් ගතවූ යානයක දොර ඇරිය නොහැකි බවයි.
ඒ නිසා මගීන්ගේ ආරක්ෂාව කිසිම හේතුවක් නිසා අනතුරකට පත් නොවන බව ද ගුවන් සමාගම කියයි.
ගුවන් සමාගමේ ආරක්ෂක අංශයට මේ බව දැන්වූ නමුත් පොලිසිය කැදවූයේ නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම ගැට්වික් ගුවන්තොටින් බැස ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයකට නැග ඇත.
ගුවන් සමාගමේ නිලධරයන් පැවසූයේ වෙරිමරගාතේ කළ මෙම සිද්ධියට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බන්ධ බවයි. එහෙත් ඔහු කවුදැයි නම් කිරීම ප්‍රිතික්ෂේප කළේය.
‘ඒක සුළු සිද්ධියක්. බීමතින් සිටි බව කියන අපේ ගනුදෙනුකරුවකු අතින් වූ දෙයක්‘ යැයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කියයි.
ගුවන් යානය ඉහළ අහසේ පියාසර කරද්දී කිසි ලෙසකින්වත් එහි දොරවල් විවෘත කළ නොහැකි බවත් මගීන්ගේ ජීවිතවලට කිසිම අවස්ථාවක අනතුරක් නොවූ බවත් ගුවන් සේවය පවසයි.
මෙවැනි සිද්ධි වලට මුහුණදීමට අපේ ගුවන් කාර්ය මණ්ඩලය හොද පුහුණුවක් ලබා සිටිනවා. යානයේ දොර අසළ වාඩිවී සිටි මගීන් කිසි ලෙසකින් බිය නොවිය යුතු බව අපි කියනවා. ශ්‍රී ලංකාව විකට් හයකින් බටහිර ඉන්දීය පිළට පරාජය විය.