රජයේ දේශපාලනඥයකුගේ පුතකු මත්කුඩු වලට ඇබ්බැහි වීම නිසා දෙවැනි වරටත් බන්ධනාගාරයක සිටින බව ඇමැති කබීර් හෂීම් කෑගල්ලේ දී පැවසීය.
‘මම රාමසාන් උත්සවය වෙනුවෙන් හිර ගෙදරට ගියා. මේ පුතත් දැක්කා. ඔහු කීවේ දෙවැනි පාරට ආ බවයි. තාත්තාගේ නමත් කිව්වා. තාත්තත් හමු වුණා. තාත්තා කීවේ දෙවැනි පාර ගෙදර ඇති වූ කරදරයක් නිසා ඔහු එහි සිටින බවයි. ‘

