වර්ෂ 1818 ඌව වෙල්ලස්ස ප්‍රථම නිදහස් අරගලයට සම්බන්ධ වූ හෙයින් අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කරන ලද වීරයන් 900 ට අධික පිරිස ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 මාර්තු 1 වැනිදා ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රයේදි දේශප්‍රේමීන් ලෙස ඔසවා තබන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඡනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මහනුවරදි පැවැසිය.
මහනායක හිමිවරුන්ගේ අදහස් අනුව මෙම උත්සවය දළදා මාලිගා පරිශ්‍රයේදි පවත්වන්න අපි කටයුතු කරනවා. 1818 ප්‍රථම නිදහස් අරගලය මෙහෙයවු විර කැප්පැටිපොළ ඇතුළු විරුවන් කිහිප දෙනෙක් සුදු අධිරාජ්‍යවාදින් විසින් දේශද්‍රෝහීන් ලෙස වසර ගණනාවකට කලින් නම් කර තිබිණි.
එසේ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පිරිස දේශප්‍රේමීන් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කරන ලදි. ඒ අවස්ථාවේදි ඒ සටනට සහාය දුන් තවත් විරුවන් 800 ක් 900 ක් පමණ ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට ද සාධාරණය ඉටු කර දෙන ලෙස එම විරුවන්ගේ ඥාතින් කළ ඉල්ලිම අනුව මෙය සිදුකැරෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඡනමාධ්‍ය ඇමැතිවරයා කීවේය.



