දේවදත්තයා සොයා ග්‍රේරෝ ගෙයක් ළඟට යයි


බුලත්සිංහල විශ්ව පාරමී ධර්මාරාමයේ සංඝාවාසයට ගිනිතැබූ පුද්ගලයන් සොයා හොරණ පොලිසියේ ග්‍රේරෝ  සුනඛයා කළු සෙරප්පු දෙකක ඉව ඔස්සේ ගෙදරකට ගියේය.

මහල්ලකු එහි සිටි අතර සෙසු අය නොසිටි බව පොලිසිය පවසයි.

එහි පදිංචිව සිටි අය ද එම ධර්මායතනයට විරුද්ධ බව පොලිසිය කියයි.

එම ධර්මායතනය ඉවත් කිරීමට උද්ඝෝෂණ සංවිධානයට මුල් වූ බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුලරත්න මහතා පැවසුවේ  මේ සිද්ධිය රඟපෑමක් බවයි.

පොලිසියට ද ඔහු දොස් කීවේය.

මේ පංසල අනවසර ඉදි කිරීමක් බවත්, බුලත් සිංහල පොලිසිය පැමිණිල්ල විභාග නොකර තමා අත්අඩංගුවට ගැනීමේ දොළදුකින් පසුවූ බවත්, තමා ක්‍රියා කළේ ප්‍රාදේශීය සභාවේ නීතිය අනුව බවත් සභාපති කීවේය.

විනාශ වු අවාසය වෙනුවට ඒ ආසන්නයේ තාවකාලික ආවාසයක් ඉදි කිරීම ගැමියෝ අදම  ඉදිරිපත් වුහ.

 විහාරාධිපති වෑවල සීලරතන හිමියන් පැවසුයේ අලුයම 3.30 ට හටගත් ගින්නෙන් තමාද සාමණේර භික්ෂූන්ද අනූනවයෙන් බේරුණු බවයි.

(ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල්)