ඌව වෙල්ලස්ස සටනේ සිටි වීරයන් රාජද්‍රෝහී ලැයිස්තුවෙන් ඉවත්කිරීමේදී මරණීය දණ්ඩනයට හා රටින් පිටුවහල් කිරීමට ලක්වූවන්ට ප්‍රමුඛතාවය දීමට සිදු වූ බවත් දේපළ රාජසන්තක කළ පිරිස් ඊට ඇතුලත් නොවන බවත් එම නම් ලැයිස්තුව සැකැසූ පංච පුද්ගල කමිටුවේ සාමාජික ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා පැවැසීය.
ආචාර්ය වීරසිංහ මහතා මෙම අදහස පළ කළේ වීරයන්ගේ නම් ලැයිස්තුව සැකැසීමේදී දේපළ රාජසන්තක කළ පිරිස්වලට ප්‍රමුඛතාවය ලැබී නැතැයි ඔවුන්ගේ ඥාතින් පිරිසක් කළ දැනුම්දීමක් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
දේපළ රාජසන්තක කළ පිරිස් ගැන සඳහන් ගැසට් නිවේදන විශාල සංඛ්‍යාවක් පවතින බැවින් කෙටි කාලයක් ඇතුළත එය සකස් කර අවසන් කිරීමට නොහැකි යැයි කී හෙතෙම වීරයන්ගේ නම් ඇතුලත් පරිපූර්ණ ලැයිස්තුව වෙල්ලස්ස කැරැල්ලට වසර දෙසීයක් සපිරෙන ලබන වසරේදී සකස් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

