ධීවරයන් ගණනාවකගේ මරණයට හේතු වු දෙහිවල ගල්කිස්ස මුහුදු තිරයේ ගල්පරය ඉවත් කිරිම හා අලූතෙන් ගල්වැටියක් ඉදි කිරිම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අද (8) තීරණය කළේය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනුණි.
දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ දී පසුගිය (4) වැනිදා ගල්පරයක බෝට්ටුවක් හැපීමෙන් ධීවරයෙක් මරණයට පත්වීම නිසා කෝපයට පත් වු ධීවරයෝ පිරිසක් පැය කිහිපයක් තිස්සේ දුම්රිය පාර හරස් කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කරමින් විරෝධතාවක නිරත වූහ.