දෙහිවල දුම්රිය බෝම්බේ තිදෙනෙක් හිරේ


 

දෙහිවල  දුම්රියපොළේදී 1996  ජුලී 27 වැනිදා  බෝම්බ පුපුරුවා මගීන් 64 දෙනකු මරා දැමු කොටි සමාජිකයෝ තිදෙනෙක් අද(04) වරද පිළිගත්තේය.

රොබට් මැක්සිලන්,සවරිමුත්තු යෝගනාදන්, තිරුමගල් නොහොත් රමණි චෝදනා වලට වරද පිළිගත්හ. මැක්සිලන්ට හා යෝගනාදන්ට බරපතල වැඩ සහිතව වසර දහය බැගින්ද රමණිට වසර  පහ බැගින් සිර දඩුවම් නියම විය.

නඩුව විභාග වුයේ කුමුදිනී වික්‍රමසිංහ  කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේදීය.

 සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥයින් කියා සිටියේ ඔවුන් වසර දාසයකට වැඩි කාලයක් සිරගත කර සිටි නිසා දඩුවම ලිහිල් කරනා ලෙසයි.

තිරුමගල්ගේ නීතීඥ ලක්ෂමන් පෙරේරා මහතා  පැවසුවේ   පළමුවැනි විත්තිකරු ඇගේ සැමියා බවයි.ඇය හිරගෙදරදී බිහි කළ දරුවා බලා ගැනීමට කිසිවකු නැතැයිද ඔහු කීවේය.ඇයට පස් අවුරුදු සිර දඩුවමක් නියම විය.

සින්නප්පු සුහරාජා සහ සුප්පයියා සුදර්ශනන්  නිවැරදිකරු බව කී හෙයින් නඩු විභාගය සැප්තැම්බර් 11 වැනි දාට කල් තැබීය.මුලදී චෝදනා එක්දාස්හත්සිය අටක් යටතේ නඩු පවරා තිබිණි පසුව එය චෝදනා දෙක දක්වා අඩු කෙරිණි.