දෙහිවල දැරියක් මුල් තැන දිනයි


ලෝක සාම ආචාර ධර්ම තරග විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය  දිනා ගැනිමට දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද දහම් පාසලේ  යේෂ්මා සාවින්දි මුදලිගම සිසුවිය සමත් වූවාය. බුද්ධ සාසන හා ආගමික කටයුතු  අමාත්‍යාංශය  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ විභාගය සංවිධානය කළේය වලල්ලාවිට උඩුගම කරපාගල ශ්‍රි පුඤ්ඤානන්ද දහම් පාසලේ පුබුදිනි කෞෂල්‍යා  ශිෂ්‍යාව දෙවැනි තැනද පිළියන්දල සිරිවංශික දහම් පාසලේ  තුෂාන් තිලංක  තෙවැනි තැනද දිනා ගත්තේය පසුගිය වසරේ සාසනාරක්ෂක බලමණ්ඩල මට්ටමින් දහම් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වුයේ ඔවුන්ගේ මව් පියන්ද සමඟය මේ සඳහා ජයග්‍රහයක ජයග්‍රහයකයින්ට සහතික තිළිණ ප්‍රධානය පසුගිය දා තායිලන්ත ධම්මකාය විහාරයේදි පැවැත්විණි