(යොහාන් භාසුර)
දෙහිවල - ගල්කිස්ස විවිධ සේවා සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ රුපියල් කෝටි 25 කට අධික මුදලක් ආපසු නොදීම සම්බන්ධයෙන් තැන්පත්කරුවන් 100 කට අධික පිරිසක් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිළි කර තිබේ.
කරගම්පිටිය, අත්ත්ඩිය, ගල්කිස්ස, රත්මලාන සහ බෙලෙක්කඩේ යන ග්‍රාමීය බැංකු ශාඛාවල ස්ථාවර තැන්පත් සහ සාමාන්‍ය ගිණුම්වලින් මෙසේ මුදල් ආපසු නොදෙන බවත් මෙහිදී බස්නාහිර පළාත් හිටපු සමූපකාර සංවර්ධන කොමසාරිස්වරියට එරෙහිව ද මෙහිදී පැමිණි ලැබී ඇතැයි පොලිසිය පැවසීය.

